පුවත්පත් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය, කප්පම් ලබාගැනීමට දමිළ තරුණයින් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරීන් සම්බන්ධ බව කියන සිදුවීමේ විමර්ශන හා මුතූර් ඇක්ෂන් ෆාම් රාජ්‍ය නොවන සංවිධානයේ සේවකයන් 17ක් වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ සිදුවීමේ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස නීතිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
ඒ අනුව වැඩබලන පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට ඔහු දැනුම් දී ඇත්තේ මෙම සිදුවීම් මහජන කැළඹීමක් පවා ඇතිවන සිදුවීම් බවත් එම සිදුවීම්වල විමර්ශනවල අනිසි ප්‍රමාදයක් ඇති බවට පෙනී යන හෙයින් එම විමර්ශන කඩිනම් කරන ලෙසයි.
